දේශපාලනය යනු අන් සියල්ලගෙන්ම ස්වායත්තව සිදුවන ක්‍රියාවලියක් නොවන බව නම් හැබෑවකි. එය සමාජය, ආර්ථිකය, සංස්කෘතිය, ආගම, මාධ්‍යය සහ ජාත්‍යන්තරය බඳු වූ විවිධ විෂයන් සමග බද්ධව පවතී. එක් අංශයක චලනයක් එය දේශපාලනයට දක්වන සම්බන්ධතාවයේ තරම මත දේශපාලන ව්‍යුහයටද බලපෑම් කරයි.
ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ නළුවන් අතර යම් සබඳතාවක් තිබුණද එය ආර්ථිකය හා දේශපාලනය තරම් වූ ඓන්ද්‍රීය බැඳීමක් නොවන්නේය. නමුත් දේශපාලනය සඳහා යම් යම් අවස්ථාවලදී නළුවන් භාවිතා කර ඇත.(ජයන්ත සිල්වා ගැන කියන්නට හැමදා කඬේ ගිය කෝපි කඬේ නඩය භාවිතා කිරීම එබඳු අවස්ථාවකි.) කෙසේ වුවද නළුවන් විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගේ හොඳ කියනු ලැබූ සෑම අවස්ථාවකම ‘‘ මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.’’ යන්න යටින් සඳහන් වේ.
මෙයට අමතරව ගත හැකි අන්සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ නළුවන් කර ඇත්තේ දේශපාලනඥයන්ගේ චරිත රඟපා සැබෑ තත්වය ජනතාවට පසක් කර දීමයි. මෑත යුගයේදී නම් බොහෝ හාස්‍ය උත්පාදක නාට්‍ය වල ප්‍රධාන චරිතය දේශපාලනඥයෙකුට ලබාදීම හරහාම නළුවන් දේශපාලනය ගෙන ගියේ කොතනටද යන්න හොඳහැටි පෙනේ. මේ අනූව නළුවන් විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනය නම් ජෝක් කර ඇති බව නම් ඇස් මනාපිට ඔප්පු වන සත්‍යයකි.
ඉහත දැක්වූයේ නළුවන්ගේ රඟපෑම හා දේශපාලනය අතර ඇති සබඳතාවයයි. තත්වය මෙසේ නම් යමෙකුට නළුවන් භාවිතා කර දේශපාලනය කිරීමටද අදහසක් පහළ විය හැකිය. එනම් නළුවන් දමා හොඳ නාට්‍යයක්, වේදිකා නට්‍යයක් හෝ වීදි නට්‍යයක් නිර්මාණය කර තම මතවාදය ජනතාව වෙතට ගෙන යෑමටය. නමුත් සිදුවී ඇත්තේ එය නොවේ. නළුවන් නාට්‍යය වලින් ගලවා දේශපාලන වේදිකාවට ගොඩකර ඇත. දැන් කුමක් සිදු වේවිද?...........
නැත. විශේෂ යමක් සිදු වන්නේ නැත. ඔවුන් තමාට සුපුරුදු දෙය කරති. එනම් අන් කිසිවක් නොව රඟපෑමයි. ඔවුන් දන්නේ එක දෙයයි. ඒ රඟපෑම පමණි. ඔවුන්ට අනුව සිදුවී ඇත්තේ තම චරිතය මාරු වීම පමණි. ඊට අමතරව යම් අපහසුතාවයක් දැනුනේ නම් ඒදෙබස් සපයා නැති අඩුපාඩුවයි. සමහර විට එය කරදරයක් නොව පහසුවකි. මන්ද යත් කටපාඩම් කිරීමට දෙයක් නැති බැවිනි. ඒ නිසා ඔවුන් ස්වතන්ත්‍ර දෙබස් ෙදාඩවති. සමහරු වැරදී පරණ රඟපෑ චරිත වල දෙබස්ද දොඩවති. මේ නළුවන් (මොවුන් තමන්ව හඳුන්වා ගන්නේ කලා කරුවන් ලෙසය. නමුත් මොවුන්ට කලාකරුවන් යැයි කීමට තරම් පේ්රක්ෂකයන් අමනෝඥ නැත. මොවුන් හඳුනාගත හැක්කේ මොගා ටෙලිනාට්‍යයක තේ ගෙනියන්නටවත් චරිතයක් නොලැබුණ තැන රැකියාව මාරු කළ පිරිසක් ලෙසය.) දේශපාලනයට ගෙන එ්මේ හේතුවද අප විමසා බැලිය යුතුය. ගම්මන්පිලට අනුව ස්වර්ණතිලකට මධ්‍යම පලාත් සභාවේදී ලැබුණු මනාප 17,000න් අති බහුතරය ලැබී තිබුණේ යටිනුවර ආසනයෙනි. එමනිසා ඔවුන් එල්බ ගත් නිගමය වූයේ ‘‘ජනතාව දන්නා හඳුනන කෙනෙකු අපේක්ෂකයෙකු කිරීම වැදගත්ය.’’ යන්නය. මේ කියමන හරහා ගම්මන්පිල දැනුවත්ව හෝ නොදැනුවත්ව කී දෙය නම් ජාතික හෙළ උරුමයේ දර්ශනය සහ ප්‍රතිපත්ති ජනතාව ප්‍රතික්ෂේප කරන බවයි. මුහුණක් පෙන්නා ඡන්දය ගන්නට අවශ්‍ය වන්නේ පක්ෂයේ මතවාදය ජනතාව ප්‍රතික්ෂේප කරන විටය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය බස්නාහිර පලාත් සභා ඡන්දයේදී නළුවන් ඉදිරිපත් කර ඇත්තේද තරඟයකට මෙනි. මේ හරහා ඔවුන් බලාපොරොත්තු වූයේද මුහුණු පෙන්නා ඡුන්දය ගැනීමට නම් එයින්ද පෙන්නුම් කරනුයේ පක්ෂ වල බංකොලොත්භාවය හැර අන් කුමක්ද?
නළුවන්ගේ කතාව මදකට පසෙකින් තබා ඔබට මෙවැන්නක් කීමට අදහස් කරමි. රෝගයකට බෙහෙත් දිය හැක්කේ වෛද්‍යවරයෙකුට පමණි. මක්නිසාදයත් එය පුද්ගල ජීවිතය සම්බන්ධ දෙයක් බැවිනි. ගොඩනැගිල්ලක් හෝ පාලමක් වැනි දෙයක් ඉදිකිරීමට ඉන්ජිනේරුවරුන් අනිවාර්යය වේ. නැතහොත් එය කඩාවැටී ජීවිත ගණනක් බිලිගත හැකි බැවිනි. මේ ආකාරයට තවත් ඉදිරියට ගියහොත් නඩු කටයුතු වලට නීතීඥයන්ද, ගිණුම් කටයුතු වලට ගණකාධිකාරී වරුද, ආර්ථික කටයුතු වලට ආර්ථික විශේෂඥයන්ද, භූ විද්‍යා කටයුතු වලට භූ විද්‍යාඥයන්ද ආදී ලෙස අදාල කටයුතු වලට ක්ෂේත්රයේ ප්‍රවීණයන් යොදා ගන්නා බව අපි දනිමු.
නමුත් දේශපාලනය නම්වූ හැමදෙනාගේම ජීවිත රැඳී පවතින රාජ්‍යය තුළ උත්තරීතර වූ තීරණගැනීම, ක්‍රියාත්මක කිරීම, ආදී වූ සියළු කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට හා පලාත් පාලන ආයතන වලට යන අය ගැන තව වරක් සිතා බැලීම වටී. ඉහත උදාහරණයත් සමග දැන් සිටින ජනතා නියෝජිතයන් සමපාත කර බැලීමේදී මේ තත්වය මනාවට වැටහෙනු ඇත. (සිනාව වාවාගත නොහැකි හදවත් රෝගීන් ආදීන් මෙය කිරීම අනතරුදායක විය හැක.) ඒ දැනට පත්වී ඇති ජනතා නියෝජිතයන්ය. නමුත් ඒ තත්වය මේ දිනවල තාප්ප ගානේ පෝස්ටර් වල වැඳගෙන සිටින නළුවන් වෙත සමපාත කර බැලිය හැකිය. මේ අනුව ශ්‍රී ලංකාවේ පාලන බලතල ක්‍රියාත්මක කරන්නන් වනුයේ ඔවුන්ගෙන් තේරෙන කීපදෙනෙකු බවද සිතට ගැනීම වටී.
දේශපාලනය විද්‍යාවක් ලෙසට ලොකයට බිහිවන්නේ ග්‍රීකයන්ට පින්සිදු වන්නටය. යුක්තිය යන පදනම් මූලධර්මය ගරු කළ ග්‍රීසියේ සිටි ඇරිස්ටෝටල් යනු දේශපාලන විද්‍යාවේ පියාය. ශ්‍රී ලංකාවේ දේශපාලනය හොඳම ආදායම් මාර්ගයව වුවද ග්‍රීකයන්ට අනුව පෞද්ගලිකත්වය උත්තරීතරත්වයට පත්කර ගත හැක්කේ එමගිනි. ඇරිස්ටෝටල් නීතියේ ආධිපත්‍යය සහ ව්‍යවස්ථානුකූල භාවය ගැන කීවේද, ප්ලේටෝ යුතෝපියාව තුළ දාර්ශනික පාලකයා ගැන කීවේද අද ශ්‍රී ලංකාව එදා සිහිනෙන් දුටුවා මෙනි. රෝම යුගයේදී පොලීබියස් සංවරණ හා තුලන සිද්ධාන්තය හරහා රෝමයේ සාර්ථකත්වය පෙන්වීම, සිසරෝගේ ස්ටොයික්වාදී මතය, සෙනෙකාගේ ද්වී මණ්ඩල අදහස, සාන්ත අම්බ්‍රෝස් සහ ඔගස්ටීන්ගේ ආගමික ආධිපත්‍යය පිළිබඳ තර්ක ආදිය හරහා ඉදිරියට ආ දේශපාලන විද්‍යාව මධ්‍යතන යුගයේදී තෝමස් හොබ්ස්, රූසෝ සහ ජෝන් ලොක් ආදී චින්තකයන්ගේ (අද භාවිතා වන අදහසින් නොබලන්න.) දායකත්වයෙන් ක්‍රමයෙන් අනාගමික තත්වයකට පත්වේ.
ඒ ගමන වර්ථමානය වන විට ලිබරල් ප්රජාතන්ත්රවාදී රාජ්‍යය දක්වා දුර ගමනක් විත් හමාරය. නමුත් කණගාටුවට කරුණ නම් මෙවන් දේශපාලන විද්‍යාවක් ගැන බිඳකුදු නොදත් බයිස්කෝප්කාරයන් පලාත් සභාව තුළ මොනවා කරාවිද?
1983 ඉන්දු ලංකා ගිවිසුමෙන් පලාත් සභා බිහිවූවා යැයි ගිරවුන් සේ කටපාඩම් කර ඇති මොවුන් කළු ජූලියේ අඳුරු පසුබිමත් මතුවූ JR ගේ විදේශ ප්‍රතිපත්තිය හා රජීව් ගාන්ධිගේ ක්‍රියාවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතිවී ඒ හරහා මොවුන්ගේ ජොබ් එකට මගපෑදුන වගට හාංකවිස්සියක්වත් දන්නවා ඇත්ද? විමල්ගේ නළුවන් වන රොජර් සහ ලාල් යනු ඉතා හොඳ දේශපාලන නළුවන් දෙදෙනෙකි. අනෙක් තෝරා ගැනීම් වලට සාපේක්ෂව එම තේරීම ගැන ප්‍රශ්ණ කළ නොහැක.(අනෙක් අතට ප්‍රශ්ණ කරන්නට වන්නේද විමල්ගෙන් නිසා ප්‍රශ්ණ කළද එය වැඩක් නැත.) නමුත් සංජය, සුජීව, තිලක්, කැටගොඩ ගැන ප්‍රශ්ණ නොකරද බැරිය.
පලාත් සභාව ගැනවත් නොදන්නා දේශපාලනය තුළ අතදරුවන් වන මොවුන් ඇඩම් ස්මිත්, හර්බට් ස්පෙන්සර්, ග්‍රීන් ලැස්කි, මැක් අයිවර්, කෙන්ස්, කාන්ට්, හේගල් ගැන අසා නැතුවා පමණක් නොව අසන්නට කැමැත්තක්ද නැති බවට සැක නැත. ෂේක්ස්පියර්වත් නොදන්නා මේ බයිස්කෝප් රැුල ඇරිස්ටෝටල්, සොක්රටීස්, ප්ලේටෝ, හොබ්ස්, රූසෝ, ලොක්, මොන්ටෙස්ක්‍යු, ඔගස්ටීන්, සිසරෝ, සෙනෙකා, මැකියාවෙල්ලි ආදීන් ගැන වැරදිලාවත් කියවුවහොත් දේශපාලනය පමණක් නොව පණද එපා කියා දුවනු ඇත.
දේවවරම්වාදය, සමාජසම්මුතිවාදය, ස්ටොයික්වාදය, එපිකියුරින්වාදය, ප්රජාතන්ත්රවාදය, මාක්ස්වාදය, ට්‍රොට්ස්කිවාදය, පැසිස්ට්වාදය, සමාජවාදය, ධනවාදය, ලිබරල්වාදය, යන මේවා පානදුරාවාදයෙන් වෙන්කර හඳුනාගත නොහැකි මොවුන් ජනතා නියෝජිතයන් කළ හොත් ඔවුන්ව තෝරා යවන ජනතාවගේ තරමද ඒ හරහාම පෙනෙනු ඇත.
බස්නාහිර ජනතාවට මතක් කිරීමට යමක් ඇත. ඒ නළුවන්ගේ දේශපාලනය ගැන යමකි. මොවුන්ට වේදිකාව හුරුය.(එය බයිස්කෝප් වේදිකාවද දේශපාලන වේදිකාවද කියා ඔවුන්ට අදාල නැත.) එහා මුල්ලට ඇසෙන තුරු කෑගසාද හුරුය.(සිටින්නේ පේ්රක්ෂකයන්ද ඡුන්ද දායකයන්ද යන්න ඔවුන්ට අදාල නැත.) ඔවුන්ට දෙබස්ද හුරුය. ඉදිරියේ ඇති කැමරාද හුරුය. මෙම කොස්ටි්රයුම්ද හුරුය. මැදින් මැදින් ‘කට්’ කියන්නේ නැති නිසා හිතේ හැටියට කතා කිරීමටද හැකිය. එමනිසා ඔවුන් වෙනදාටත් වඩා හොඳින් රඟපාති. එබැවින් ඔබ පේ්රක්ෂකයන් නොවී ඡන්ද දායකයන් වී නිවැරදිම ජනතා නියෝජිතයන් තෝරන තරමට ඒ නියෝජිතයන් හරහා පලාත් සභාව තුළදී ප්‍රතිනිර්මාණය වන ‘ඔබ’ ජනතාවට පෙනෙනු ඇත.
තත්වය කෙසේ වුවද දැන් සිටින ජනතා නියෝජිතයන් සහ මෙම බයිස්කෝප් අපේක්ෂකයන් අතරද මහ වෙනසක් නැත. මන්ද, මොවුන් රඟපෑම ඉගෙන ගෙන දේශපාලනයට එයි. දැන් සිටින අය දේශපාලනයට විත් රඟපෑම ඉගෙන ගෙන ඇත. මුල හා මැද කුමක් වුවද අග එකය.
දෙගොල්ලන්ම නළුවන්වය.
සැමදා අපි පේ්රක්ෂකයෝ වෙමු.